බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා ඊයේ (25දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිත අතර එම තරග සිංහල ක්‍රීඩා සමාජ (S.S.C.) ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.මීට අමතරව එක් දින සීමිත ඕවර් 50 තරග තුනක් කොළඹ සී.සී.සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.

එක් දින තරග ලෝක කුසලාන තරග සදහා ඍජුවම සුදුසුකම් ලැබීම සදහා අදාළ වන , එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 04/25 දින පස්වරු 03.40 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x