මේ සඳහා දෙමළ ජාතික සන්ධානය ඇතුලු උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ 07 ක් එක්ව හර්තාලය වෙනුවෙන් සහය ලබාදෙන අතරම උතුරු නැගෙනහිර රදගුරුවරුන් ඇතුලු ආගමික නායකයින්ද මේ සඳහා සහය ලබාදීමට තීරණය කොට ඇත.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව පීඩාවට පත්කරන ත්‍රස්තවාදය වැලක්වීමේ පනත වහාම අහෝසි කළ යුතු බවටත් දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු අතරම , උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, නැවත පදිංචි කිරීමේ ගැටලු ආදීය වෙනුවෙන් මෙතෙක් විසඳුමක් නොලැබීම මත වත්මන් රජය වහාම ඒ වෙනුවෙන් විසඳමක් ලබාදිය යුතු බවට හර්තාලයයේ පධාන අරමුණ බවට දෙමළ ජාතික සන්ධානය වසින් පෙන්වා දෙයි.
අද (25) දින උතුරු නැගෙනහිර සියලුම දිස්ත්‍රික්ක වල හර්තාලයක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.
ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්‍කම් සඳහන් කරයි.
එනිසා අද දිනයේ මෙම පළාත්වල සියලුම කඩ වසන බවත්, රජයේ සේවකයන් රැකියාවට නොයන බවත්, පාසල් ළමයින් පාසල් වලට නොඑන බවද මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්‍කම් සඳහන් කරයි.