පොලීසිය ඇතුලේදීම කාන්තාවක් ස්ථානාධිපතිවරයාට ගහලා.!

පොලිස් ස්ථානය තුළදී කාන්තාවන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් මැඩලීමට ගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ආරක්ෂක හිස්වැසුමකින් පහර දී ඇත.

පැමිණිල්ලක් සිදුකිරිමට වැලිපැන්න පොලිස් ස්ථානයට පැමිණි එම කාන්තාවන් දෙදෙනා පැමිණිල්ල විභාග කිරීමට පෙර ගැටුමක් ඇතිකරගෙන ඇත.

අනතුරුව එම අවසථාවේ එය මැඩලීමට උත්සාහ කළ පොලිස් පරීක්ෂකවරයාට එක් කාන්තාවක් පහර දුන් බවත් අනතුරුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මතුගම උතුම්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 වන කාන්තාවක් බව පොලීසිය සදහන් කරයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x