රටේ සමහර දේශපාලන පක්ෂ විසින් රට ප්‍රචණ්ඩත්වය කරා ගෙන යාමට උත්සාහ කළ බවත් සිය පාක්ෂිකයන්ට එළව එළවා පහර දුන්නු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.
එම ප්‍රචණ්ඩකාරී පුද්ගලයින් විසින් වාහන පන්සියයකට වඩා හා දේපළ හාරසියයකට වඩා ගිනි තබා ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි.
තවද ‘‘අපි ගුටිකෑවා තමයි හැබැයි අපි බයේ හැංඟුණේ නෑ’’ යැයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් තවදුරටත් සදහන් කරයි.