තවත් මහ බැංකු මංකොල්ලයකට ප්‍රවේශයක්?

මහ බැංකුවෙන් නැතිවුණා කියන මුදල් පොළවේ මහල් තුනක් යට නවීණ තාක්‍ෂණය උපරිමයෙන්ම ඇති අධි ආක්‍ෂිත ගබඩාවක තිබූ ඒවා බවත් එම හොරකම සඳහා අදාල ගබඩාවට කිසිඳු පිටස්තර පුද්ගලයෙක්ට ඇතුල්විය නොහැකි බව සක්සුදක් සේ පැහැදිළි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

මෙය එය බැංකුව ඇතුළෙන්ම වූ අභ්‍යන්තර සොරකම් යැයි කී මහාචාර්යවරයා මේ පිළිබඳව අවශ්‍ය ප්‍රමාණයට අවධානය අපේ රටේ ජනතාව යොමුකර නොමැති බව ද සඳහන් කළේය.

එම අධි ආරක්‍ෂිත ගබඩාව තුළ අපේ රටේ මුදල් පමණක් නොව මහා භාණ්ඩාගාරයට අයිති රන්, රිදී සහ විදේශීය මුදල් නෝට්ටු වැනි මහා විශාල වටිනාකමක් ඇති දේවල් ඇති බවත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ඒවා සොරකම් කරන්න පුළුවන්නම් ඒවායේ සුරක්‍ෂිතභාවය පිළිබඳව ගැටලුවක් ඇති බවත් ඒ මහතා කීය.

මෙම සොරකම තවත් මහ බැංකු මල්කොල්ලයකට ප්‍රවේශයක් දැයි ප්‍රශ්න කරන බව කී මහාචාර්යවරයා අවංක සහ අංග සම්පූර්ණ විමර්ශනයක් කර එහි වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව ද සඳහන් කළේය.

(යොහාන් භාසුර)

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x