අධික උෂ්ණත්වයෙන් මානසික රෝගීන්ටත් බලපෑම් – විශාදය – කාංසාව වැඩිවෙයි!

පවතින අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග ඇති අයගේ ආවේගශීලීතාව සහ ක්‍ෂණික කෝපය වැඩි වන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (23 වැනිදා) පැවසීය.

අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග නැති අය මෙන්ම මානසික රෝග ඇති අයද නිතර ජලය පානය කිරීම තම මානසික තත්ත්වයන් යහපත්ව පවත්වාගෙන යෑමට ඉවහල් වන බව ද අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග ඇති අයගේ විශාදය, කාංසාව වැඩි වන බව ද ඒ මහතා කීය.

සෙල්සියස් අංශක එකකින් පරිසර උෂ්ණත්වය වැඩි වනවිට සියයට 2.2 කින් මානසික රෝග සම්බන්ධ සංකූලතා තත්ත්වයන් ඇතිවිය හැකි බව මානසික රෝගාබාධ සඳහා ඖෂධ බොන අයට පිපාසය දැනීම අඩුවන අතර මේ තත්ත්වය තුළ එම රෝගවලින් පෙළෙන අය විජලනයට පත්විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

පවතින අධික උෂ්ණත්වය හමුවේ ජලය, පළතුරු යුෂ, තැඹිලි, කුරුම්බා, පැණි කොමඩු, වැඩිපුර පානය කිරීම ඉතා සුදුසු බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි.

මෙම කාලය තුළ පැණි බීම පානය කිරීමෙන් වළකින ලෙස ද ඇය ජනතාවාගෙන් ඉල්ලා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x