ලංකාව ආසියාවේ දියවැඩියා රෝගීන්ගෙන් අංක එකට

ආසියාවේ දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව සමීක්ෂණයකින් හෙළිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 23%කි. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල විසින් එම සමීක්ෂණය සිදුකර ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් තුන් දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති අතර එය 31%ක ප්‍රතිශතයක් බවද එම සමීක්ෂණයෙන් හෙළිව ඇත.
චතුර පමුණුව

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x