සීතා අරඹේපොළගේ මෝටර් රියට පොහොට්ටුව කැලඹෙයි

අරගලය අවස්ථාවේ දී දේපළ විනාශ වූ මන්ත්‍රීවරුන් අතරින් රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියට පමණක් මෝටර් රථයක් ලබා දීමට රජයේ සූදානමක් පවතින බව වාර්තා වේ.  

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරුන් අතර බරපතළ නොසන්සුන්තාවයක් මතුව ඇතැයි දැනගන්නට ඇත.   


මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසූවේ අරගලය අවස්ථාවේ දී ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු සියයකට වැඩි පිරිසකගේ වාහන නිවාස ඇතුලු දේපළ රැසකට හානි වූ බවයි.   
ඒ මන්ත්‍රීවරුන් කිසිවකුටත් කිසිදු වන්දි මුදලක් තවමත් ලැබී නොමැති පසුබිමක සීතා අරඹේපොළ මහත්මියට පමණක් මෙලෙස වාහනයක් ලබාදීමට යෑම බරපතළ අසාධාරණයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x