ඇන්ටනා වයරය අධිබලැති විදුලි රැහනක වැදී පුද්ගලයෙක් මියයයි

නිවස අසළ දෙල් ගසකට නැග රූපවාහිනී  ඇන්ටනාවක් සවිකරමින් සිටි පුද්ගලයෙක් එම ඇන්ටනා වයරය  අධිබලැති විදුලි රැහනක වැදී විදුලිය සැරවැදී බිමට වැටී මියගොස් ඇතැයි කන්දකැ‍ටිය පොලිසිය පවසයි  

මෙසේ ජීවිතක්ෂයට පත්වඇත්තේ බදුල්ල  මහියංගණය මාර්ගයේ 16 කනුව ප්‍රදේශයේ පදිංචිව සිටි  ඩී.එම් . සිරිල් සුගතදාස නමැති (56) නමැත්තෙකි .

ඔහු  (23) ප.ව.රාත්‍රී 5.00 ට පමණ දෙල්ගසට නැග ඇන්ටනා ව සවිකිරීම සඳහා එහි වයරය ගසේ සිට නිවසේ වහල මතට විසිකිරීමේදී  ඒ ආසන්නයේ වූ අධිබලැති විදුලි රැහැනකට ගැටී  විදුලිසැරවැදී බිමට වැටී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන්කළේය .

පශ්චාත් මරණ පරික්ෂණය සදහා මෘත දේහය බදුල්ල මහ රෝහලට එවා තිබේ .

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x