සාගලගේ අත්සනින් ලොක්කෝ මාරු කළ අයි.පී .රිමාන්ඩ්

රාජ්‍ය ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අත්සන නිළ මුද්‍රාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂයක් සහිත ලිපි දෙකක් වංචනික ලෙස සකසා එම ව්‍යාජ ලිපි දෙක උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළැයි කියන  පොලිස් පරික්ෂකවරයකු මැයි මස 4 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කළාය

සිද්ධිය සම්බන්ධයනේ සිදු කෙරෙන විමර්ශනවල වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත් හේවාවසම් මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

පොළොන්නරුව පොලීසියට අනුයුක්තව සේවය කරන 55 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් 14දෙනෙකු විවිධ පොලිස්වලට ස්ථාන මාරු කර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

අදාළ ලිපියේ සදඟන් කරුණු සහ ලිපියේ ස්වභාවය සහ ලිපිය යොමු කර ඇති ආකාරය පිළිබදව සැක සිතා ඇති උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ලිපියේ සත්‍යතාවය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසා ඇති බවද අධිකරණයට ප්‍රකාශ කළ රහස් පොලිසිය එහිදි තහවුරු වී ඇත්තේ මෙවැනි ලිපියක් ජනාධිපති කාර්ය මන්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් උතුරු ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර නොමැති බවයි

අදාළ සැකකරු විසින් උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යවන ලද ලිපියක් ද එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන තිබේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x