අතටම හසුවු හොර දොස්තර

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකුව ගලෙන්බිඳුණුවැව, උපුල්දෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව එම පුද්ගලයාව ඔහුගේ නිවසේදී ඊයේ (22) සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදුකළ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ එම පුද්ගලයාට ලියාපදිංචි සහතිකයක් නොමැතිව වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කර ඇති බවය.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී සැකකරු ඔහුගේ නිවස තුළ නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඖෂධ තොගයක් ද සොයාගෙන ඇත.

අදාළ ඖෂධ තොගය, ඖෂධ පරීක්ෂක නිලධාරීන් විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

මෙලෙස ව්‍යාජ ලෙස වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ඇත්තේ 35 හැවිරිදි අලිවංගුව, උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුට මැයි 19 වනදා කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇත.

ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x