කැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිහින්

ස්වකැමැත්තෙන්ම කුසගින්නේ සිට මියගිය 21දෙනෙකුගේ මළ සිරුරු කෙන්යානු පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මළසිරුරු හමුවූයේ කෙන්යාවේ ෂකහෝලා වනාන්තරයේ වළලා තිබියදීය.

මේ මළසිරුරු සොයාගෙන තිබුණේ “කුසගින්නේ මියයාමෙන් ස්වර්ගස්ථ විය හැකි” බවට මතයක් ප්‍රචාරය කළ පූජකවරයෙකු සම්බන්ධයෙන් කළ විමර්ශනයක් අතරතුරය.

මියගිය පිරිස අතර කුඩා ළමුන් ද සිට තිබුණි.

ඊට අමතරව මළ සිරුරු වළලා ඇතැයි සැකකෙරෙන තවත් ස්ථාන 58ක් ද හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර එම වනාන්තරය ආසන්නයේ සිටියදී, මියයාම වෙනුවෙන් කුසගින්නේ සිටි කතෝලික කල්ලි සාමාජිකයින් 15දෙනෙකු මුදාගැනීමට පොලීසිය සමත් වුණි.

කෙසේ නමුත් ඒ අතරින් සිව්දෙනෙකුද මියගොස් ඇති අතර ගුඩ් නිවුස් නමැති ජාත්‍යන්තර පල්ලියේ පූජකවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ වූයේ ඉන් පසුවය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x