යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසා සිටියේ එම සැකකරුව ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවය.
51 හැවිරිදි පුද්ගලයෙක් වන එම සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බව පොලීසිය පැවසීය.
එම පුද්ගලයා අවුරුදු 20ක් පමණ ජර්මනියේ ජීවත්ව මෙරටට පැමිණි අයෙක් බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන ඇත.



