යාලේ දළ කොටා මියගිහින්

යාල ජාතික වනෝද්‍යානයේ (vi) වන කලාපයේ දීර්ඝ කාලයක් සැරිසරමින් සිටි දළකොටා ඇතා ඉකුත් (21) වෙනිදා මියගොස් ඇත.

දෙස්විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට පත්ව සිටි උසින් අඩි අටහමාරක් පමණ උස අවුරුදු විසිපහත් තිහත් අතර වයසේ පසුවන මෙම ඇතා දකුණු පාදයේ තුවාලයක් සහිතව නොන්ඩිවැව අසල රෝගීව සිටියදී වනජීවී නිලධාරීන්ට හමුවී ඇත.

මාස එකහමාරක් පමණ කාලයක සිට වනජීවී නිලධාරීන් විසින් ඇතාට  ප්‍රතිකාරකර ඇතත් බේරාගැනීමට නොහැකිවී ඇත.

ඇතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පශුවෛද්‍ය නිලධාරිරී ආනන්ද ධර්මකීර්ති මහතා විසින් පවත්වන ලදි.

මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති අතර තුවාලය කුමකින් සිදුවූවාදැයි මෙතෙක් අනාවරණයවී නොමැත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.යූ ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පිට යාල (vi) වන කලාපයේ වනජීවී අඩවි ආරක්ෂක ටී.එච්.ඩී.ඒ ද සිල්වා මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

මොණරාගල සුමනසිරි ගුණතිලක

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x