ලෝක ප්‍රසිද්ධ විකට නළු බැරි හම්ප්‍රීස් දිවිගමනට සමුදෙයි.!

ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියානු විකට නළුවෙක් වන බැරි හම්ප්‍රීස් සැත්කමෙන් පසු සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

බැරි හම්ප්‍රීස් සිඩ්නි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඔහු මියයන විට 89 වැනි වියේ පසුවිය.

1934 පෙබරවාරි 17 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර උපත ලද බැරි හම්ප්‍රීස් කුඩා කල සිටම ඇඳුම් ඇඳීමට හා රංගනයට ප්‍රිය කර ඇත.

“Dame Edna Everage” නම් විකට චරිතයක් නිසා බැරි හම්ප්‍රීස් ඔස්ට්‍රේලියාව තුළ වඩාත් ප්‍රසිද්ධියට පත් වු බවද විදෙස් මාධ්‍ය සදහන් කරයි.

බැරි හම්ප්‍රීස් ලෝක ප්‍රසිද්ධියට පත්වන චරිතය නිර්මාණය කරන විට අවුරුදු 21 ක් වු බවද විදෙස් මාධ්‍ය තවදුරටත් සදහන් කරයි.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x