ගෝලීය තරුණ සාම සම්මේලනය ලංකාවේදී

16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය (Global Youth Peace Fest 2023)විදේශීය තරුණ තරුණියන් 250 කගේ හා දේශීය තරුණ තරුණියන් 1250 ක පමණ සහභාගීත්වයෙන් මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.

ඒ අනුව මෙම අන්තර්ජාතික සම්මේලනයට අදාල අවබෝධතා ගිවිසුම, වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන ආයතනය වන YUVSATTA (Youth for peace) ආයතනය හා ජාතික තරුණ සේවා සභාව අතර 2023.04.19 දින අත්සන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින්, සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සහ සන්නාම තානාපති (ජාතික තරුණ සේවා සභාව වෙනුවෙන්) ජාතික කන්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සහභාගී විය.

මෙම අන්තර්ජාතික සම්මේලනය සැප්තැම්බර් මස 30 වෙනිදා සිට ඔක්තෝම්බර් මස 02 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x