කැකිරාව පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් තරගයක් අතරතුරදී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි
පලාගල කුඩා හෙටිටියාව ගම්මානයේ පොදු ක්‍රිඩාංගනයේදී මෙම අවුරුදු උත්සවය පවත්වා තිබිණි. ඊට සමගාමීව පැවැති විවෘත මැරතන් තරගය සදහා එක්ව සිටි පහළොස් හැවිරිදි තම සහෝදරයාගේ සහය සදහා එක්ව සිටි දස හැවිරිදි බාල සහෝදරයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාවල පලාගල ගුණතිලකගේ දණුක ලක්ෂාන් නමැති වයස අවුරුදු 10 ක දරුවෙකි. ඔහු පලාගල මහා විදුහලේ පස්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන බව පොලිසිය කියයි
කුඩා හෙටිටියාව ක්‍රීඩාංගනයෙන් ඇරඹි ඇති එම මැරතන් ධාවන තරඟයේදී කිලෝමිටර් 04ක පමන දුරක් තරගකරුවන්ට නිමා කිරීමට නියමිතව තිබී ඇත. එම තරගයට එක්ව සිටි තම පහළොස් හැවරිදි සහෝදරයාගේ තරඟ සහය සඳහා මෙම දස හැවිරිදි දරුවා ද එක්ව සිට ඇති අතර තරගයේ අඩක් පමණ නිම කර තරඟකරුවන් පලාගල ප්‍රදේශයට ලගාවත්ම තරගකරැවන් අතරේ සිය වැඩිමහල් සහෝදරයාට සහාය දැක්වීමට පසුපසින් දිවගිය එම දරුවා මාර්ගයේ ඇද වැටී ඇති බව පොලීසිය කියයි.
ඒහිදි වහා ක්‍රියාත්මකව ඇති ප්‍රදේශවාසීන් විසින් එම දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබිණ. ඒ සමගම අසාධ්‍ය තත්වයේ පසුවූ එම දරුවා වැඩිදුර හදිසි ප්‍රතිකාර සදහා කැකිරාව රෝහල වෙත මාරු කර යැවීමට කලාවැව රෝහල් බලධාරීන් පියවර ගත්තේය. අසාධ්‍ය තත්වයෙන් පසුවූ එම දරුවා කැකිරාව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
දරුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කැකිරාව රෝහලේදී සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.