අම්පාර සමන්තුරෙයි ප්‍රදේශයේදී රථවාහන පරීක්ෂාවක නිරතවී සිටි පොලිස් නිලධාරීන්ට යතුරුපැදිකරුවකු මුදල් වැනි යමක් ලබාදීමට උත්සාහ කරන ආකාරය ජංගම දුරකථනයක පටිගත වී තිබුණි.
යතුරුපැදිකරු පොලිස් නිලධාරියාගේ හිස්වැසුම තුළට යමක් දමන අයුරු සහ ඉන් පසු නිලධාරියා ඒ තුළින් කිසිවක් ගෙන සාක්කුවේ දමා ගන්නා ආකාරයත් එම වීඩියෝවේ දැක්වෙයි.