ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතාගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකුට ස්ථාන මාරුවීම්ලබා ගැනීමට උතුරු මැද පළාතේ උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකුට ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කළේ යැයි කියන පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයෙක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් පරීක්ෂකවරයා පනස් පස් හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචි අයෙකි.
සාගල රත්නායක මහතාගේ අත්සන හොරට යොදා ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂයක පොලිස් නිලධාරීන් 12 දෙදෙනෙකුගේ නම් ලයිස්තුවක් සකස් කර ඔවුනට ස්ථාන මාරුවීම් ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට උතුරු මැද පළාත්මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කර තිබිණි යැයි රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඉදිරිපත් කරන ලද මෙම ලේඛනය ගැන ඇති වූ සැකයක් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිසියට පොලිසියට භාරදී තිබිණි.