පාසල් සිසුවෙක් වෙඩි තබාගෙන

අම්පාර මායාදුන්න ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 15 හැවිරිදි මායාදුන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පැවසුවේය. 

මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බවය.

නිවසේ තිබූ බලපත්‍රයක් නොමැති බෝර12 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති අතර වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ පාසැල් සිසුවා අම්පාර රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x