බීජිං හි රෝහල් ගින්නකින් 29 දෙනෙකු මරුට

බීජිං හි පෞද්ගලික රෝහලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 29 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ගින්න ඇතිවූ මහල් ගොඩනැගිල්ලේ සිරවී සිටි මිනිසුන් ඇඳ ඇතිරිලි හා තාවකාලික ලණු භාවිත කරමින් ජනේලවලින් ඉවත්ව ඇති බව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දක්නට ලැබේ.

තවත් සමහරු ගොඩනැගිල්ලේ පිටත වායු සමීකරණ ඒකක මත වාඩි වී ගින්නෙන් ආරක්ෂා වී තිබේ.

ගින්න නිවා දැමීමට හදිසි කාර්ය මණ්ඩලය සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කරන අතර අවම වශයෙන් රෝගීන් 71 දෙනෙකු බේරාගෙන ඇත.

මියගිය අයගෙන් 26 දෙනෙකු රෝහල්ගත රෝගීන් බව ප්‍රකාශ කළ පළාත් පාලන ප්‍රකාශකයෙකු පැවසුවේ, අසාධ්‍ය රෝගීන් සිටින වාට්ටුවක හටගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කරන අතරතුර බලධාරීන් බදාදා රෝහලට ප්‍රවේශය අවහිර කළේය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x