බිරිඳගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

නිවසක් තුළ සැකකටයුතු ලෙස මියගිය දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ (17) ඔහුව අත්අඩංගුවට ගත් බවය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, ගමගොඩ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙක්වය.

කළුතර ගමගොඩ ප්‍රදේශයේ පදිංචිවී සිටි නීලමුණි රමණී සිල්වා නමැත්තිය ඉකුත් 12 වනදා පස්වරුවේ නිවස තුළ වැටී මියගොස් සිට ඇති අතර, මරණය සැකසහිත බව දැනුම් දී ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව සිදුකළ මරණ පරීක්ෂණයේදී, හුස්ම සිර කිරීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම සිද්ධිය පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකෙරේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x