පාසල් නිවාඩුවෙන් පසු ළමුන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්

පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසු කාලය තුළ දරුවන් අතර පාචනය සුලබව දක්නට ලැබෙන බැවින් එමගින් ඇතිවන විජලනය වළක්වා ගැනීම සඳහා මව්පියන් අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව අවධාරණය කළේය.

එම රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීම සඳහා ස්වභාවික දියර වර්ග සහ පලතුරු යුෂ වැඩි වශයෙන් දරුවන්ට බීමට ලබා දෙන ලෙසට ද වෛද්‍යවරයා පැවසීය. 

“සෑම පාසල් නිවාඩුවක් අවසන් වෙනවාත් සමගම පාචනය තිබෙන දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. නිවාඩු කාලයේ තැන තැන ඇවිදින්න යනවා දකින දකින දේ කනවා. උණ, වමනය, බඩ රිදුම සහ බඩ එලියේ යාම හැම කාලයේම නිවාඩු කාලයට පසු අපි දකනවා.  

ඒ නිසා අපි ඒ ගැන දැනුම්වත් වෙන්න ඕනේ. මේ දවස් වලත් එක්කෙනා දෙන්නා වාර්තා වෙලා තියෙනවා.  

දරුවෙකුට උණත් සමග වමනය, බඩ එලියේ යාම තිබුණොත් විජලනය වීමේ හැකියාව වැඩියි. මොකද දාඩිය දැමීමත් වැඩි.  එහෙම තත්ත්වයක් තියෙනවා නම් ස්වභාවික දියර ආහාර දැරුවන්ට වැඩියෙන් ලබා දෙන්න. විශේෂයෙන්ම තැඹිලි වතුර, කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරං, දෙළුම් පැණි කොමඩු වගේ දේවල් මගින් විජලනය වළක්වාගන්න පුළුවන්.”

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x