සංචාරක අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 280කින් පරාජයට පත්කරමින් වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ ශ්‍රී ලංකාව මේ දක්වා ලබාගත් විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ලෙසිනි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස් කළේ ය.
එහිදී, දිමුත් කරුණාරත්න (179), කුසල් මෙන්ඩිස් (140), දිනේෂ් චන්දිමාල් (නොදැවී 102) සහ සදීර සමරවික්‍රම (නොදැවී 104) ශතක රැස් කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 143ක් පමණි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 52ට කඩුලු 7ක් දවාගත්තේය.
නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි. එමේෂ් මෙන්ඩිස් ලකුණු 76ට කඩුලු 4ක් දවාගත්තේය.
තරගයේ වීරයා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මාන ලැබීය.