ලොරි – ත්‍රිරෝද රථ ගැටී දැරියක් මරුට

මැදිරිගිරිය බිසෝපුර ප්‍රධාන මාර්ගයේ වටදාගෙය හතර මංසන්ධිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ඒකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් දියණියක් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ බිසෝබණ්ඩාරගම  කේ.ඒම් සංජනා සත්සරණි ජයරත්න නමැති මැදිරිගිරිය ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

මෙම දැරිය සහ ඇගේ තමත් යෙහෙලියන් පස් දෙනකු සමග නවනගරය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. 

අනතුරින් සියලු දෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇත. 

මොවුන් කොහොඹදමන ප්‍රදේශයේ සිට නවනගරය දෙසට ගමන් කරමින් සිටියදී බිසෝපුර ප්‍රදේශයේ සිට මැදිරිගිරිය ප්‍රදේශයට ගමන් කළ ලොරි රථයක  ගැටීමෙන් ත්‍රීරෝද රථය ඒම ප්‍රදේශයේ ප්‍රපාතයකට පෙරලී ඇත.

අනතුරින් තුවාල ලැබූවන පොලොන්නරෙුව මහරෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩිසත්කාර ඒ්කකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි මියගිය සංජනා සත්සරණි තවත් වැඩිදුර ප්‍රතිකාර සදහා වැලිසර රෝහලට මාරු කර යවා ඇති අතර ඒම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මරණයට පත්ව ඇත.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x