23 ටීචට හාදුවක් දීපු 60 විදුහල්පතිට වැඩ වරදී

අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ  යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු  මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x