අග්‍රා ඔයේ මසුන් හිටිහැටියේම මියගිහින්- ආහාරයට ගන්න එපා

කොත්මලා ඔයේ ප්‍රධානතම අතු ගංගාව වන අග්‍රා ඔයේ මාළුන් විශාල ප්‍රමාණයක් හිටිහැටියේම මියගොස් ඇති බවත්, එම මාළුන් ආහාරයට ගැනීම අහිතකර විය හැකි බැවින් ආහාරයට ගැනීම හෝ අලෙවි කිරීම සිදු නොකරන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්  තලවකැලේ, ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී  රිෂිනි දුරෙයිරාජ් මහත්මිය පැවැසුවාය .

ඇල්ජින් ප්‍රදේශයේ සිට අග්‍රා ඔයට ජලය ගලා බසිනා ජල මාර්ගයේ  ජලය විශාල ලෙස අවපැහ ගැන්වී අධික දුර්ගන්ධයක් හමන බවත්, එම  ගලා එන ජලයේ කිසියම් අපද්‍රව්‍යයක්  මිශ්‍ර වී ඇති බව පෙනී යන බවද දුරෙයිරාජ් මහත්මිය කීවාය.

ඊයේ (17) දහවල් වනවිට මාළුන් දහසකට අධික ප්‍රමාණයක් මිය ගොස්  ඇති බවත්, එම මාළුන් හා අග්‍රා ඔයේ ජල සාම්පල් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවද දුරෙයිරාජ් මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.

ශාන් හුලංනුගේ

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x