පරිගණක පද්දතිය හදන් දුන් එක්කෝටි හැත්තෑ ලක්ෂයට මොකද වුනේ

පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විසිඑක් වසරකට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එල්.ආර්.සී. විසින් පෞද්ගලික සමාගමකට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවනු ලැබ ඇතත්, එම පරිගණක පද්ධතිය මේ දක්වා ස්ථාපිත කර නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම විගණන වාර්තාවට අනුව, මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට මුදල් ගෙවා තිබෙන්නේ 2002 වසරේදීය.

වසර විස්සකට වැඩි කාලයක් තිස්සේ මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත නොකර තිබියදී එම මුදල් නැවත ලබාගැනීම සඳහා කටයුතු කළ යුතුව තිබුණද, කොමිසම ඒ සඳහා කටයුතු කර නැත.

මේ සම්බන්ධයෙන් විගණනය වෙත අදහස් දක්වමින් කොමිසමේ කළමනාකාරීත්වය සඳහා කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන අවස්ථා ගණනාවකදී මහාභාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් විමසා ඇතත් මේ දක්වා නිශ්චිත විසඳුමක් ලැබී නැති බවය.

එසේම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇති බවද, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකෙරෙන බවද කළමනාකාරිත්වය සඳහන් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

(මුදිතා දයානන්ද)

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x