චීනයේ People’s Daily ප්‍රවෘත්ති නිවේදනයට AI තාක්ෂණය යොදාගනි

චීනයේ state-controlled පුවත්පතක් වන People’s Daily විසින් තම ප්‍රවෘත්ති නිවේදනය සඳහා කෘතිම බුද්ධිය (AI) මගින් බල ගැන්වෙන නිවේදිකාවක් බඳවා ගෙන තිබේ. Ren Xiaorong ලෙස නම් කර ඇති මේ virtual තරුණිය ප්‍රශ්නවලට පිළිතුරු දීමට සහ වසරේ දින 365 පුරා දවසේ පැය 24 පුරාම ප්‍රවෘත්ති විකාශනය කිරීමට හැකි බව කියා සිටී.

මේ avatar එකට පිළිතුරු දිය හැක්කේ පෙර සැකසූ ප්‍රශ්නවලට පමණක් වන අතර, CCP (Chinese Communist Party) හි නිල ප්‍රවෘත්ති ආයතනය වන People’s Daily විසින් Ren ව වර්ධනය කර ඇති අතර ඇයට දහස් ගණනක ප්‍රවෘත්ති නිවේදකයින්ගේ කුසලතා ඇති බව පවසයි.

ඇය චීනයේ සමාජ ජාල වේදිකාවක් වන Weibo හි වීඩියෝ පටයකින් එළිදක්වා ඇති අතර, කළු පැහැති බ්ලේසර් එකකින් දක්ෂ ලෙස සැරසී city skyline එකක් ඉදිරිපිට සිටගෙන සිටියාය.

ඒ විඩීයෝවේ ඩිජිටල් ප්‍රවෘත්ති නිවේදිකාව පවසන්නේ: “හෙලෝ, මගේ නම Ren Xiaorong. මම People’s Daily පුවත්පතට අලුතින් සම්බන්ධ වූ AI ඩිජිටල් පුවත් නිවේදිකාවක් වෙමි. නව ප්‍රවෘත්ති නිවේදකයන් දහස් ගණනක් ඔවුන්ගේ වෘත්තීය කුසලතා මට ලබා දී තිබෙනවා. දින 365ක්, පැය 24ක්, මම විවේකයකින් තොරව, මුළු අවුරුද්ද පුරාම ප්‍රවෘත්ති වාර්තා කරනවා. ප්‍රවෘත්ති වෙබ් අඩවිවල හෝ නැවත studio එකේ වේවා, ඔබ සැම විටම මාව දකිනු ඇත. සෑම සංවාදයක්ම, ඔබ ලබා දෙන සෑම feedback එකක්ම මා වඩාත් දක්ෂ වනු ඇත.” යනුවෙනි.

ඇයගේ සියලුම ප්‍රතිචාර CCP මතවාදයට අනුකූල වන අතර, පරිශීලකයාට ඇයගෙන් වෙනත් ප්‍රශ්න ඇසීමෙන් ඇයව script වලින් බැහැර කරවා ගැනීමට නොහැකි වේ. Weibo හි ඇයට ලැබෙන ප්‍රතිචාර බොහෝ දුරට ධනාත්මක වී ඇති අතර, ‘wow!’, ‘Amazing’, ‘so real’ සහ ‘very Sci-fi’ වැනි අදහස් ඇත.

Source: DailymailBusiness Insider

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x