ලාංකිකයින්ට රැකියා අවස්ථා, ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island හි “Wave Riding Festival” රඟහලේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම අවභෝධතා ගිවිසුමට අත්සන් කර තිබේ.

මෙම අවභෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවා ගැනීම් සඳහා පැසෝනා සමූහය සිය සහාය ලබා දෙයි.

ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දීමට පැසෝනා සමූහය කටයුතු කරනු ලබයි.

මෙම අවබෝධතා ගිවිසුම අනුව ජපන් ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා පැසෝනා සමූහය විසින් ආයෝජන සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට නියමිත ය.

ඒ අතර ම, සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා සංචාරක ක්ෂේත්‍රෙය් රැකියාවල නියුතු වෘත්තිකයින්ගේ කුසලතා සහ පුහුණුව වැඩි දියුණු කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජපන් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් නියමිත ය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x