ජපාන් අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්

ජපානයේ වකයාමා නගරයේ දී ප්‍රදේශවාසීන් අමතමින් සිටියදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි තිබේ. 

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු වූ ප්‍රකාශ කර ඇත්තේ සැකකරු දුමක් පිට වන දෙයක් අග්‍රාමාත්‍යවරයා දෙසට  විසිකළ බවයි තවත් පුද්ගලයකු පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය වරයා සිටි දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බවයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී නොමැත.

බලධාරීන් විසින් අග්‍රාමාත්‍ය කිෂිඩා එම ස්ථානයෙන් නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස්  ලැබ ඇත.

පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සැකකරු යැයි විශ්වාස කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x