සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදට යෙදී තිබේ.
අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත.
අද පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි.
ආහාර පිසීමේ නැකත අපරභාග 3.29ට යෙදී ඇති අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කිරීම මැනවැයි ද මෙවර අවුරුදු නැකත් පත්‍රයේ දක්වා තිබේ.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 5.05ට යෙදී ඇති අතර හිසතෙල් ගෑමේ නැකත 16 වන ඉරිදා පූර්ව භාග 9.41ට යෙදී ඇත
එළඹෙන අවුරුද්ද මීටත් වඩා භාග්‍යමත් සහ සමෘද්ධිමත් කර ගැනීමට වෙහෙසෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණක් බවද ජනාධිපතිවරයා කීය.
එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටයැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.