කැස්බෑව – පිටකොටුව බස් වර්ජනයක්

මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද ( 13 ) ධාවනයෙන්  වැළකී  වර්ජනයේ නිරත වන බව එම සංගමයේ සභාපති  තුසිත රාජපක්ෂ මහතා පැවසීය.

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන්  නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත.

කැස්බෑව පිටකොටුව දක්වා ධාවනය වන බස්රථ 71 ක් එකක් තිබෙන බවත් එයින් බස්රථ 10 සෑම දිනකම නිවාඩු ලබාදී ඇති බවත් පවසන සභාපති වරයා 2000 වසරෙහිදී අධිකරණ ලද නියෝගයක් අනුව නව බස්රථ මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව  දක්වා ධාවනයේ යෙදීමට නොහැකි බවත් පැවසීය.

ඊට අමතරව කැස්බෑව බස් රථ නැවතුම් පොලේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ  රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට ද නිවාඩු ලබාදී ඇති  බවත්  දුරටත් පැවසීය.

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x