“වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු”

PHI සංගමයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

උත්සව සමයේ දිවයින පුරා ක්‍රියාත්මක ආහාර පරිහර‍ණ වෙළෙඳසැල් පරීක්ෂා කිරීම්වලදී ආහාර පනත උල්ලංඝනය කළ වෙළෙඳසැල් 3,000කට වැඩි සංඛ්‍යාවකට නඩු පැවරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, පසුගිය මාර්තු මස 02 වන සතියේ සිට ආරම්භ කළ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂාව අප්‍රේල් මාසය අවසන් වන තුරු අඛණ්ඩව සිදුකරන බවය.

“උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාර, එමෙන්ම එම ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, ඒ වගේම අලුත් අවුරුදු සමය වෙනුවෙන් වැඩි අලෙවියක් තියෙන කෙසෙල් වැනි පලතුරු වර්ග ගැන, ඒ වගේම ජනතාව වැඩි වශයෙන් එක්රොක් වෙන නගර ආශ්‍රිත ආහාර පරිහරණ ආයතන ගැන විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂණ කටයුතු සිදුකරනවා. අප්‍රේල් මාසේ 10 වනදා වන විට දිවයින පුරා 19,107ක් අපි පරීක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අතරින් 3,102 ක්  ආහාර පනත උල්ලංඝනය කිරීම නිසා මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පවරලා තියෙනවා. මහජනතාවට අපි කියන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා අපි කියනවා. පැමිණිල්ලක් තියෙනවා නම් 0112 63 56 75 දුරකථන අංකයට දැනුම් දුන්නොත් අපි අවශ්‍ය සේවාව කඩනමින් සම්බන්ධ කරලා දෙන්න කටයුතු කරයි.”

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x