ස්ථීර නිවසක් නොමැති අඩුආදායම් ලාභීන් වෙනුවෙන් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් මේ වනවිට සියයට 50ක පමණ වැඩ අවසන්ව ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි..
ඒ අනුව, 2021 වසරේදී නිවාස 12,231ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039ක වැඩ අවසන් කර තිබේ.
එමෙන්ම 2022 වසරේදී නිවාස 1,465ක වැඩ ආරම්භ කළද වැඩ අවසන්ව ඇත්තේ නිවාස 25ක පමණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නිවාස 1,215ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727ක වැඩ අවසන්ව ඇත.
එමෙන්ම මිනුවන්ගොඩ ආසනය තුළ පමණක් නිවාස 159ක වැඩ ආරම්භ කර තිබේ.
මේ වනවිට ඉන් නිවාස 78ක වැඩ අවසන්කර ඇතිබව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.
මීට පෙර වසරවලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමට ද මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 3,750ක මුදලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ යටතේ ග්‍රාමසේවා වසම් 14,022ම ආවරණයවන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.