ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද උණුසුම්කාරි තත්වයක් ඇති විය. ඒ සමාජ ආරක්ෂණ වැඩසටහන යටතේ පසුගියදා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා එම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට බදවා ගත් තරුණ තරුණියන්ගේ ගෙවීම් සම්බන්ධ ප‍්‍රශ්ණයක් මතයි.
350ක පිරිසක් බදවාගෙන සමෘද්ධි හා රජයේ සුබදාධන ලබන නිවෙස් සංඝණනය සදහා ඔවුන් ට බාරදී තිබුනේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් වරයාගේ අධීක්ෂණය යටතේය. ඒ අනුව ඔවුන් සංඝණනය සිදු කරන එක් නිවසක් සදහා රුපියල් 300ක් මුදලක් වේතනය වශයෙන් ගෙවන බව ඔවුන්ගේ පත්වීම් ලිපියේ සදහන් කර තිබූ බව එම නිලධාරීන් පවසයි.
අද දිනයේ නිවාඩු දිනයක් උවද එම මුදල් චෙක්පත් මගින් ලබාදෙන බව පවසා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙම තරුණ තරුණියන්ට පැමිනෙන ලෙස දන්වා තිබිණි. ඒ අනව පැමිණ සිටි පිරිසට විවිධ ගණනන් යටතේ චෙක්පත් ලබාදී තිබූ අතර එයින් බොහෝ පිරිසක් ඒවා රැගෙන ගොස් තිබිණි.
නමුත් තවත් පිරිසක් සදහන් කරන්නනේ එක් නිවසක් සදහා රුපියල් 300ක් මුදලක් ලබාදෙන බව පවසා සිටියත් අවසානයේදී ලබා දී ඇත්තේ 150 ක මුදලක් බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල දිගින් දිගටම නිළධාරීන්ගේ ප්‍රශ්න කරන්නට විය. පසුව මෙය උණුසුම්තත්වයක් විය.
මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් වරියගෙන් අපි විමසූ විට කියා සිටියේ, මේ දරුවන්ට රුපියල් 300 මුදල ලැබිය යුතුයි. අපිට ලැබී තිබෙන මුදල 150 බැගින් ලබාදෙන්න අපි ඒ මුදල චෙක් මගින් ලබාදෙනවා යයි අංජලී විදානපතිරණ මහත්මිය කීය.
එම ස්ථානයේ සිටි තවත් පිරිසක් සදහන් කලේ මේ සම්බන්ධයෙන් පොලීසි යන බවයි. කෙසේ උවද පසුව නිළධාරීන් විසින් දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිසට රුපියල් 300ක් එක් නිවසක් වෙනුවට එක් නිවසක් සංඝණනය සදහා රුපියල් 150 බැගින් තමන් සංඝණනය කරන ලද පරිඝණක ගත කරන ලද තොරතුරු සදහා චෙක් පත් ලබාදී පිටත්කර හරිනු දක්නට හැකි විය.