ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ.

පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය පවසා තිබෙනවා.

අඩු ගුරුත්වාකර්ෂණය පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය.

“ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළොවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසිකරන කොට අපි ලබාදීමට අවශ්‍ය ශක්තිය අනෙක් තැන්වලදී කරනවාට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්.. රොකොට්ටුවක් කක්ෂගත කරන්න අමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් යොදන ශක්තියට වඩා අඩු ශක්තියකින් අපේ ලංකා භූමියෙන් රොකොට්ටුවක් ඉහළට ඔසවන්න පුළුවන්. එයත් ආර්ථික වශයෙන් ගත්තාම ඩොලර්ස් වලින් බැලුවොත් විශාල අගයක්. සර් ආතර් සී ක්ලාක් කිව්වා ලංකාව හොඳ ස්ථානයක් අභ්‍යවකාශයට වාහන යවන්න කියලා. පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් කියන්න පුවවන් මේ අඩු ගුරුත්වාකර්ෂණය.”

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව නාසා ආයතනය පැවසීය.

1960 වසරේ කැනේඩියානු රජයේ සහයෙන් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් සොයා ගැනුණේ පානදුර,ගාල්ල,මාතර, හම්බන්තොට යනාදී ප්‍රදේශවල ගුරුත්වාකර්ෂණ බලය අඩු බවයි.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ශරීරයේ බර යම් ප්‍රමාණයකින් අඩුවීමට හේතුව පිළිබඳ නාසා ආයතන විසින් පර්යේෂණයක් සිදුකළ අතර එම සංචාරකයින් තුර්කිය වැනි රටකට ගිය පසු එම සංචාරකයින්ගේ ශරීරයේ බර වැඩිවන බව ඔවුන් සොයාගෙන තිබෙනවා.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x