ත්‍රිපෝෂ සඳහා බදු සහනයක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීමේදී බදු සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ලංකා ත්‍රිපෝෂ සමාගම සඳහා මෙම බදු සහන ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් ක‍ළේය.

ඒ අනුව බඩඉරිඟු ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකක් සඳහා අයකළ රුපියල් 75 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 25ක් දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබේ.

මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු සංශෝධනය සිදුකර ඇති බව සඳහන් වේ.

ඊට අමතරව රටඉඳි ආනයනය කිරීමේදී ලබා දී තිබූ බදු සහනය මැයි මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x