මේ අවුරුද්ද තවත් අමාරුයි – ජනපති

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කරගැනීම සිය බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ඊයේ(18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.

“වැටුප් ගැන මට පෙනෙන විදියට.. අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවකට. මේක මෙහෙ විතරක් නෙමෙයි. එක එක වෘත්තීන්වලින් ඉදිරිපත් කරලා තියෙනවා.” 

“ඒත් මේවා කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරලා කතා කරන්න තියෙනවා. ඒකේ හානියක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා.”

“දෙවනුව ඊට වඩා විශාල ප්‍රශ්නයක් තියෙනවා. බැංකු ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. නැත්නම්.. බැංකු ගියා නම් ඔක්කොම ගිහින්.. ආයේ මුකුත් කතා කරන්න දෙයක් නැහැ.”

“ඒ දෙක අපිට කරන්න තිබෙනවා.. මේකත් යන අතරේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නැතුව අපිට සාකච්ඡාවලට යන්න බැහැ. මම බලන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සැප්තැම්බර් වෙද්දි මේ ප්‍රශ්නය කරලා ඉවර කරලා බංකොලොත් භාවය කියන තීන්දුව ඉවත් කරගන්න.” 

“අපි දැන් මඩේ හිරවෙලා තියෙන්නේ.. හැබැයි කොහොම හරි එළියට එන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි අමාරුම අවුරුද්ද වෙන්නේ.” 

රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x