කාලීන

“මේ අවුරුදු කාලේ සිනා වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ”

“මේ අවුරුදු කාලේ සිනා වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ”

කැවුමේ  ඉතිහාසය ඉතා රසවත් ය. මිනිසාගේ උපතේ සිට කොණ්ඩා කැපීම, කන් විදීම, ඉඳුල් කට ගෑම, අකුරු කියැවීම, වැඩිවියට පත්වීම, විවාහය යන ජීවිතයේ අමරණීය අවස්‌ථාවලදී ද, කැවුම් ප්‍රමුඛ ස්ථානයක් ගනී. පිරිත් ගෙදර, දානෙ ගෙදර, ගෙවදීම ආදී අවස්‌ථාවලදී ද කැවුම ඉදිරියෙන් තිබේ. කැවුම් යනු සියවස් ගණනක අතීතයක් ඇති රස කෑමකි.වත්මනේ දී කැවුමේ වැදගත්කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේදී ය.රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරින් ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් ලැබී ඇත. යුද පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට, තැනින් තැනට පහසුවෙන් මේවා ගෙන යා හැකි විය. තුවාල නරක් වීම වැලැක්වීය. කැවුම් වර්ග ද රාශියකි.…
Read More