Sports News

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (04) පැවැත්වෙයි. එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය. එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය
Read More
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා ඊයේ (25දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. ඔවුන් විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිත අතර එම තරග සිංහල ක්‍රීඩා සමාජ (S.S.C.) ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය.මීට අමතරව එක් දින සීමිත ඕවර් 50 තරග තුනක් කොළඹ සී.සී.සී. ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. එක් දින තරග ලෝක කුසලාන තරග සදහා ඍජුවම සුදුසුකම් ලැබීම සදහා අදාළ වන , එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකවරයෙකු පැවසීය . බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම 04/25 දින පස්වරු 03.40 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන්…
Read More
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280ක වාර්තාගත  ජයක්

ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 280ක වාර්තාගත  ජයක්

සංචාරක අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 280කින් පරාජයට පත්කරමින් වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේ ශ්‍රී ලංකාව මේ දක්වා ලබාගත් විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ලෙසිනි. ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 591ක් රැස් කළේ ය. එහිදී, දිමුත් කරුණාරත්න (179), කුසල් මෙන්ඩිස් (140), දිනේෂ් චන්දිමාල් (නොදැවී 102) සහ සදීර සමරවික්‍රම (නොදැවී 104) ශතක රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 143ක් පමණි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 52ට කඩුලු 7ක් දවාගත්තේය. නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි.…
Read More
නැෂනල් සුපර් ලීග් ශුරතාවය දඹුලු කණ්ඩායමට..

නැෂනල් සුපර් ලීග් ශුරතාවය දඹුලු කණ්ඩායමට..

නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය.  ඒ, යාපනය කණ්ඩායමට එරෙහි අවසන් මහා තරගය කඩුලු 5කින් ජය ගනිමින් ය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 160ක් රැස් කළේ ය.  නවොද් පරණවිතාන ලකුණු 51කි.  පිළිතුරු ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පවන් රත්නායක ලකුණු 62කි.  දඔුල්ල කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. 
Read More