13
Apr
මිතුරන්ට ඇසෙන සේ සැමියාට සෙත් කවි කිවූ කටින්ම වස්කම් කියූ අපූරු භාර්යාවක් පිළිබඳ පුවතක් ගාලු දිසාවේ නගරයකින් වාර්තා වේ. කාර්යාලයේ මිතුරන් ඉදිරියේ ඇය සැමියාට අපූරු සෙනෙහසක් පෙන්නුවාය. ඩඩා, බබා, පුතාලාගේ තාත්තා, සුදු මහත්තයා යන නම්වලින් ඇය මිතුරන් ඉදිරියේ සෙත් කවි කීවාය. මිතුරන් දුරකතන ඇමතුමක් දුන් විටදී ඩඩා මෙන්න ඔයාට යහළුවෙක් කතා කරනවා කවුද කියලා බලන්න කෝ, මෙන්න සුදු මහත්තයාට අසවල් යහළුවා කතා කරනවා යයි ද කියමින් ඇමතුමක් ආ විට ඇය සැමියා අමතන්නීය. ඇය සිය සැමියාට කියන මේ සෙත් කවි කොතරම් අපූරුදැයි මිතුරෝ ද පැවසූහ. මේ නිසා සිය මිතුරාගේ භාර්යාවට ඔවුන් අතර තිබුණේ ලොකු ගෞරවයකි. ඇය මේ අයගේ හොඳ හිතවතියක්ද වූවාය.…