Hot News

මුහුදු කිඹුළා

මුහුදු කිඹුළා

වාද්දුව වෙරළතීරය ආශ්‍රිතව දැවැන්ත කිඹුලෙකු සැරිසරන බවට තොරතුරු වාර්තා වී ඇති බව වාද්දුව පොලීසිය පවසයි. මේ හේතුවෙන් වෙරළතීරය අවට අනාරක්ෂිත ස්ථානයන්හි ගැවසීම සිදුනොකරන ලෙස ජනතාවගෙන් පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටී. අදාළ කිඹුලා අඩි 12ක පමණ දිගින් යුතු බවද ප්‍රදේශවාසීන් පවසයි. මේ අතර වැඩිදුරටත් වාර්තා වන්නේ කිඹුලා මුහුදේ සැරිසරණ බවට අනාවරණය වීමත් සමඟ ධීවරයින්ද සිය කටයුතුවලින් ඈත්ව සිටින බවය. වාද්දුව පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවය.
Read More
ගජේන්ද්‍රන්ට ඇප

ගජේන්ද්‍රන්ට ඇප

අද (07) උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ. මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයාව අද උදෑසන අත්අඩංගුවට ගැනිණි. පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා විය. එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read More
තිස්ස ප්‍රා.ලේට මොකද වුනේ

තිස්ස ප්‍රා.ලේට මොකද වුනේ

රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය ලංකාදීපයට පැවැසුවාය මීට වසර එක හමාරකට පමණ පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය සිය කටයුතු කිරීමේ දී නීතියෙන් පිට හිතවත්කම් මත රාජකාරිය පාවා නොදුන් නිලධාරිනියක බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් ලබා නොදීම…
Read More
කැස්ස, උණ, හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ ඇති කරන තවත් ශ්වසන රෝගයක් වන Human metapneumovirus (HMPV)

කැස්ස, උණ, හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ ඇති කරන තවත් ශ්වසන රෝගයක් වන Human metapneumovirus (HMPV)

මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ. එම අමාත්‍යාංශයේ කෝවිඩ්-19 පිලිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කර සිටියේ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක්‍ පවතින මෙම වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති නමුත් ඒ පිලිබඳ අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වන බවයි. කොවිඩ් සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read More
WhatsApp තවත් අලුත්වෙයි

WhatsApp තවත් අලුත්වෙයි

ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටි. ඒ අනුව, මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුහ. Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වේ. මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වයි. කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතුයි. මේ පහසුකම දැනටමත්…
Read More
අලි ප්‍රහාරයෙන් මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

අලි ප්‍රහාරයෙන් මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්

උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය මැයි මස (11) වනදා උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රිය ගතකරන විට වන අලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගත්තේය. අනතුරුව අත්අඩංගුවට ගත් එම සැකකරු බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව මෙම මස (08) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම මරණය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරන අතර සිද්ධිය ගැන පෙම්වතා ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලීසිය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
Read More
කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (04) පැවැත්වෙයි. එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය. එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය
Read More
ආහාර ප්‍රචාරණය සම්බන්ධයෙන් නව නීතිපැනවේ

ආහාර ප්‍රචාරණය සම්බන්ධයෙන් නව නීතිපැනවේ

ආහාර සම්බන්ධ ප්‍රචාරණය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි පැනවේ.1980 අංක 26 දරණ ආහාර පණත යටතේ නිකුත්වීමට නියමිත මෙම නව රෙගුලාසි ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ ප්‍රචාරණ ක්‍රියාවලිය දැඩි නියාමනයකට ලක් කිරීමට  නියමිතය. ආහාර පණත යටතේ පැවති ආහාර ලේබල් කිරීමේ හා ප්‍රචාරණය කිරීමේ නියෝග මගින් ආවරණය වූයේ ආහාර නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදිතය සම්බන්ධයෙන් සකස්කරන ලේබලය ආශ්‍රිත කරුණුය. එහෙත් නව රෙගුලාසි අනුව තෙවන පාර්ශවයක් හරහා කරන ප්‍රචාරණය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර තිබේ. වෙළඳ ප්‍රචාරණය නියාමනය හා මගගැන්වීම අරමුණු කරගෙන ආහාර පණත යටතේ මෙසේ සකස්කල රෙගුලාසි රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ දැනටමත්  අඩංගු  වේ..…
Read More
පොසොන් පුන් පොහොය අදයි

පොසොන් පුන් පොහොය අදයි

පොසොන් පුන් පොහොය දිනය ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එය බුදුදහම දිවයිනට පැමිණීම සනිටුහන් කරන බැවිනි. පොසොන් පුර පසළොස්වක පොහොය දින (ජූනි/පොසොන්) සමරනු ලබන මෙම උතුම් අවස්ථාව ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවාසීන්ට බුදුදහම හඳුන්වා දීම සිහිපත් කරයි. එය ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ පොහොසත් සංස්කෘතික උරුමයන් සහ බුදුදහමේ වටිනාකම් සිහිපත් කරන ආවර්ජනය, අධ්‍යාත්මික භක්තිය සහ කුසල් ක්‍රියාවන්ගේ දිනයකි. ඓතිහාසික වැදගත්කම: පොසොන් පොහොය දිනයෙහි ඓතිහාසික වැදගත්කම ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස දක්වා දිව යන්නේ මිහිඳු මහරහතන් වහන්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් පිරිවරා අනුරාධපුරයට නුදුරින් පිහිටි මිහින්තලාවට වැඩම කළ අවස්ථාවේදීය. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා හමුවී ප්‍රථම…
Read More
බදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමති කතාකරයි

බදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමති කතාකරයි

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බවය. "2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සියලුදෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයකට ගෙන එන එක රාජ්‍ය ආදායම. සමහර අයට ඒ ලිපිගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ, ඔහු ලියාපදිංචි වෙන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම…
Read More