Foreign News

කැස්ස, උණ, හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ ඇති කරන තවත් ශ්වසන රෝගයක් වන Human metapneumovirus (HMPV)

කැස්ස, උණ, හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ ඇති කරන තවත් ශ්වසන රෝගයක් වන Human metapneumovirus (HMPV)

මාරාන්තික ශ්වසන ආසාදන සහිත HMPV වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය මේ වනවිට යොමුව තිබේ. එම අමාත්‍යාංශයේ කෝවිඩ්-19 පිලිබඳ සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කර සිටියේ අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් කිහිපයක ඉහළ ව්‍යාප්තියක්‍ පවතින මෙම වෛරසයේ බලපෑමක් මෙතෙක් ශ්‍රී ලංකාවට නොමැති නමුත් ඒ පිලිබඳ අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය වන බවයි. කොවිඩ් සහ උණ රෝගයේ රෝග ලක්ෂණ සහිත මෙම වෛරසය මාරාන්තික ශ්වසන ආසාදන ඇති කරවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read More
WhatsApp තවත් අලුත්වෙයි

WhatsApp තවත් අලුත්වෙයි

ලොව ජනප්‍රියතම Messaging App එකක් වන WhatsApp සඳහා Meta සමාගම විසින් මේ වන විට විවිධ නව විශේෂාංග නිරන්තරයෙන්ම හඳුන්වා දෙමින් සිටි. ඒ අනුව, මීට පෙර යැවු පණිවුඩ Edit කිරිමේ පහසුකමත්, Chat Lock කිරිමේ පහසුකමත් සහ එකම WhatsApp ගිණුම එකවර දුරකථන කිහිපය භාවිත කිරීමේ හැකියාව ආදි පහසුකම් රැසක් හඳුන්වා දීම සිදු කරනු ලැබුහ. Meta සමාඟම විසින් මීළඟට WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට සූදානම් වන බවයි වාර්තා වේ. මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වයි. කෙසේ වෙතත් මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතුයි. මේ පහසුකම දැනටමත්…
Read More
ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ.

ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ.

පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය පවසා තිබෙනවා. අඩු ගුරුත්වාකර්ෂණය පෘථිවියෙන් ස්භාවිකවම අපට ලැබුණු දායාදයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. ගුරුත්වාකර්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් මහාචාර්යවරයා ඒ බව සඳහන් කළේය. "ගුරුත්වාකර්ෂණය අඩු නිසා පොළොවේ ඉඳන් කිසියම් දෙයක් ඉහළට විසිකරන කොට අපි ලබාදීමට අවශ්‍ය ශක්තිය අනෙක් තැන්වලදී කරනවාට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත්.. රොකොට්ටුවක් කක්ෂගත කරන්න අමෙරිකාවේ කැනවරල් තුඩුවෙන් යොදන ශක්තියට වඩා අඩු ශක්තියකින් අපේ ලංකා භූමියෙන් රොකොට්ටුවක් ඉහළට ඔසවන්න පුළුවන්. එයත් ආර්ථික වශයෙන් ගත්තාම ඩොලර්ස් වලින් බැලුවොත් විශාල අගයක්. සර් ආතර් සී ක්ලාක් කිව්වා ලංකාව හොඳ ස්ථානයක් අභ්‍යවකාශයට…
Read More
ගෘහ සේවයේ නිරත කාන්තාවක් සිංගප්පූරුවේදී මරුට

ගෘහ සේවයේ නිරත කාන්තාවක් සිංගප්පූරුවේදී මරුට

සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකීය කාන්තාවක් මහල් නිවසකින් ඇඳ වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ. එය අනතුරක්ද දිවි නසා ගැනීමක්ද යන්න පිලිබදව මෙතෙක් අනාවරණය වී නැත. ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇත.
Read More
අක්‍රීය තත්ත්වයේ ගූගල් ගිණුම් ඉවත් කෙරේ

අක්‍රීය තත්ත්වයේ ගූගල් ගිණුම් ඉවත් කෙරේ

භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම තීරණය කර තිබේ. එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත. ඒ අනුව Alphabet සමාගම තීරණය කර ඇත්තේ වසර දෙකකට වඩා වැඩි කාලයක් අක්‍රීය තත්ත්වයේ පවතින ගිණුම් ඉවත් කිරීමටයි. 2022 වසරේ දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක කාලයක් අක්‍රීය ගිණුම් මෙලෙස ඉවත්කිරීමට පියවර ගන්නා බව එම සමාගම වැඩිදුරටත් පවසයි. විවිධ ගිණුම් වෙත අනවසරයෙන් පිවිසීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම සහ ආරක්ෂක හේතුන් සැළකිල්ලට ගනිමින් ගූගල් සමාගම මෙම තීරණය ගෙන ඇත. මෙම තීරණයත් සමග Gmail, Google Drive, Google Workspace, Google Photos සහ ගූගල් ගිණුම් හරහා YouTube වෙත එක්කර ඇති වීඩියෝවන්ද…
Read More
ඔස්ට්‍රේලියාවෙන් අපූරු තෑග්ගක්

ඔස්ට්‍රේලියාවෙන් අපූරු තෑග්ගක්

රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ති‌බේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 
Read More
මියන්මාරයේ වහල් සේවයේ යෙදෙන ලංකාවේ තරුණයින්

මියන්මාරයේ වහල් සේවයේ යෙදෙන ලංකාවේ තරුණයින්

තායිලන්තයේ රැකියා දෙන බව පවසා මියන්මාරයට රැගෙන ගොස් චීන සමාගමක වහල් සේවයට යොදාගෙන සිටින තවත් ශ්‍රී ලාංකික තරුණයන් අටදෙනකු ගැන ඊයේ (10) අනාවරණය විය. මෙම අටදෙනා අතර සිටින හෘදයාබාධයක් වැළඳුණු හම්බන්තොට පදිංචි තරුණයකු පසුගිය 8 වැනිදා එහි අඳුරු කාමරයක හිරකර සිටින බවද හෙළි වී තිබේ. මෙම තරුණයාට ඉක්මන් හදවත් සැත්කමක් කළ යුතුව ඇතැයිද දැනගන්නට ඇත. වහාම මෙම පිරිස මුදාගැනීමට මැදිහත්වන්නැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී ඇත. මියන්මාර රජය සමග සාකච්ඡා කර මියන්මාර තානාපති කාර්යාලයට එම තරුණයන් භාරකරන ලෙසට එහිදී ඉල්ලා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශයට වහාම මේ සඳහා මැදිහත් වී තරුණයන් මුදාගැනීමට පියවර ගන්නැයි ආරක්ෂක…
Read More
ලොවම පුදුම කරමින් මවකගේ ගර්භාෂය තුළදීම බිලිඳියකට සැත්කමක්.!

ලොවම පුදුම කරමින් මවකගේ ගර්භාෂය තුළදීම බිලිඳියකට සැත්කමක්.!

ලොව ප්‍රථමවරට මවකගේ ගර්භාෂය තුළදීම මොළයේ සැත්කමක් අමෙරිකාවේ බොස්ටන් ළමා රෝහලේදී සිදුකළ සුවිශේෂී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ සැත්කම සිදුකර ඇත්තේ සති 34 ක් පමණ මවගේ කුස තුළ වැඩුණු බිලිඳියකට වන බවත් එම සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවද එරට වෛද්‍යවරුන් සදහන් කරයි. වෛද්‍යවරුන් පවසන්නේ අදාළ සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවය. සැත්කම සිදුකර දින දෙකකට පසුව එම බිළිඳිය මෙලොව එළිය දැක ඇත. සති 30ක් පමණ ගතවනවිට සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී ඇයගේ මොළයේ සිට හදවත දක්වා රුධිරය ගෙනයන නාළයක් අවහිර වී ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව බොස්ටන් ළමා රෝහලේ වෛද්‍යවරුන්…
Read More
ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

මාස්ටර් කාඩ් මූල්‍ය සේවා සමාගමේ හිටපු විධායක නිලධාරියකු වන අජේ බන්ගා ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වී ඇත.වත්මන් සභාපති ඩේවිඩ් මැල්පාස් ගේ ධුර කාලය ජූනි මස පළමු වැනිදා අවසන් වීමට නියමිත අතර අජේ බන්ගා ගේ ධුර කාලය ජූනි 2 වැනිදා ආරම්භ වීමට නියමිතය.ලෝක බැංකු සභාපතිවරයකුගේ ධුර කාලය වසර 5 කි. අජේ බන්ගා, 63 හැවිරිදි ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකන් පුරවැසියෙකි. ලෝක බංකු සභාපති ධුරය සඳහා අජේ බන්ගාව යෝජනා කරනු ලැබුවේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසිනි. අජේ බන්ගා නව ලෝක බැංකු සභාපති ධුරය සඳහා යෝජනා වූ එකම අපේක්ෂකයාද විය. අජේ බන්ගා නව සභාපතිවරයා ලෙස පත් කිරීමට ප්‍රථම එහි විධායක අධ්‍යක්ෂක…
Read More
ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනියි

ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනියි

මෙතෙක් හඳුනාගත් ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනාගැනීමට ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි සමත්ව ඇත.පිළිකාව විශාලත්වය මිලිමීටර් 0.65 ක් බවත් මෙම පිළිකාව මෙලනෝමා නම් මාරාන්තික සමෙහි පිළිකා වර්ගයට අයත් බවත් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි ප්‍රකාශ කර තිබේ. මෙම පිළිකාව ලොව හඳුනාගත් කුඩාම සමෙහි පිළිකාව වීම හේතුවෙන් ගිනස් ලෝක වාර්තාව ද හිමිව තිබේ.ක්‍රිස්ටි ස්ටාට්ස්ට නම් රෝගී කාන්තාවගේ කම්මුලේ මෙම පිළිකාව තිබී ඇත. මිලිමීටර් 0.65 ක් යනු ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයක් වන අතර දොස්තර විට්කොව්ස්කි, ජංගම දුරකතනයේ කැමරාවට සවි කිරීමට නිර්මාණය කළ ඔහුගේම උපකරණයක් භාවිතයෙන් පිළිකාවේ ඡායාරූපයක් ගෙන පසුව එය හඳුනා ගෙන ඇත. ක්‍රිස්ටි ස්ටාට්ස්ට…
Read More