Political News

ගජේන්ද්‍රන්ට ඇප

ගජේන්ද්‍රන්ට ඇප

අද (07) උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප ලබාදී තිබේ. මරදන්කේනි සහ ජයපුරම් පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයාව අද උදෑසන අත්අඩංගුවට ගැනිණි. පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ඇතිකරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා විය. එම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද ඊයේ (06) කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read More
බදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමති කතාකරයි

බදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමති කතාකරයි

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි සුබසාධන දීමනා මෙම බදු ගොනු අංකය යටතේ ලබාදීමට නියමිත බවය. "2023 අයවැය ලේඛනයේ යෝජනාවක් තිබුණා අපේ රටේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කරනවා කියලා. මේකෙන් අදහස් වෙන්නේ නෑ මේ සියලුදෙනාගෙන් රජය බදු මුදලක් ගන්න යනවා කියලා. සියලුදෙනා ලියාපදිංචි කිරීමේ අරමුණ යම්කිසි නියාමනයකට ගෙන එන එක රාජ්‍ය ආදායම. සමහර අයට ඒ ලිපිගොනුව තුළින් තමයි අපි තීරණය කරන්නේ, ඔහු ලියාපදිංචි වෙන්නේ රජයෙන් දෙන ආධාරය ඔහුට ලබාදීම…
Read More
මේ අවුරුද්ද තවත් අමාරුයි – ජනපති

මේ අවුරුද්ද තවත් අමාරුයි – ජනපති

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කරගැනීම සිය බලාපොරොත්තුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග ඊයේ(18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය. "වැටුප් ගැන මට පෙනෙන විදියට.. අපි විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නම් සාකච්ඡාවකට. මේක මෙහෙ විතරක් නෙමෙයි. එක එක වෘත්තීන්වලින් ඉදිරිපත් කරලා තියෙනවා."  "ඒත් මේවා කරන්න ඉස්සෙල්ලා කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරලා කතා කරන්න තියෙනවා. ඒකේ හානියක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා." "දෙවනුව ඊට වඩා විශාල ප්‍රශ්නයක් තියෙනවා. බැංකු ප්‍රතිව්‍යුහගත කරන්න තියෙනවා. නැත්නම්.. බැංකු ගියා නම් ඔක්කොම ගිහින්..…
Read More
තරුණයන්ට සියයට 6.5ක පොලියට වගා ණය

තරුණයන්ට සියයට 6.5ක පොලියට වගා ණය

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සියයට 6.5ක  පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP ව්‍යාපෘතිය සහන වැඩ පිළිවෙළක් අරඹයි. වගා කටයුතු සදහා  කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් රාජ්‍ය බැංකු මගින්  ලබා දීම සදහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි  නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඒ අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය විසින් ඊයේ (13) හම්බන්තොට දී තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම…
Read More
ඔස්ට්‍රේලියාවෙන් අපූරු තෑග්ගක්

ඔස්ට්‍රේලියාවෙන් අපූරු තෑග්ගක්

රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානයක් ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ති‌බේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය විසින් එම ප්‍රදානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 
Read More
ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් ඇමති ලෙස පත් කෙරේ

ශෙහාන් සේමසිංහ වැඩබලන මුදල් ඇමති ලෙස පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය. මෙම පත් කිරීමට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිතුමන් විසින් (03 වැනිදා) රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දෙන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබේ. ඒ අනුව, ජනාධිපතිතුමාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, 2023-05-04 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම,…
Read More
විදුලි බිල සංශෝධනය කරයි

විදුලි බිල සංශෝධනය කරයි

එළඹෙන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත. රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ  සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
Read More
ව්‍යාජ ඉන්දියානු ඊ-වීසා වෙබ් අඩවි ගැන දැනුම්දීමක්

ව්‍යාජ ඉන්දියානු ඊ-වීසා වෙබ් අඩවි ගැන දැනුම්දීමක්

ව්‍යාජ සහ වංචනික වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා පිරිනමමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දියානු ඊ-වීසා ගැනීම සඳහා එම ව්‍යාජ අඩවි භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට දැනුම් දෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. එම ව්‍යාජ වෙබ් අඩවි ලැයිස්තුව පහත දැක්වේ. (යොහාන් භාසුර)
Read More
කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක්

කෘතිම බුද්ධිය ප්‍රවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක්

කෘතිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් නම් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එමෙන්ම ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කර, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිවරයා එම උපදෙස් ලබා දී ඇත්තේ, කෘතිම බුද්ධිය (Artificial Intelligence) හෙවත් AI තාක්ෂණය රටේ සංවර්ධනයට යොදාගත හැකි අන්දම පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, "අද ලෝකය කෘතිම බුද්ධිය සමඟ ඉදිරියට ගමන් කරන බැවින් ශ්‍රී ලංකාව ද කෘතිම බුද්ධිය පිළිබඳ වැඩි අවධානයක්…
Read More
තවත් මහ බැංකු මංකොල්ලයකට ප්‍රවේශයක්?

තවත් මහ බැංකු මංකොල්ලයකට ප්‍රවේශයක්?

මහ බැංකුවෙන් නැතිවුණා කියන මුදල් පොළවේ මහල් තුනක් යට නවීණ තාක්‍ෂණය උපරිමයෙන්ම ඇති අධි ආක්‍ෂිත ගබඩාවක තිබූ ඒවා බවත් එම හොරකම සඳහා අදාල ගබඩාවට කිසිඳු පිටස්තර පුද්ගලයෙක්ට ඇතුල්විය නොහැකි බව සක්සුදක් සේ පැහැදිළි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. මෙය එය බැංකුව ඇතුළෙන්ම වූ අභ්‍යන්තර සොරකම් යැයි කී මහාචාර්යවරයා මේ පිළිබඳව අවශ්‍ය ප්‍රමාණයට අවධානය අපේ රටේ ජනතාව යොමුකර නොමැති බව ද සඳහන් කළේය. එම අධි ආරක්‍ෂිත ගබඩාව තුළ අපේ රටේ මුදල් පමණක් නොව මහා භාණ්ඩාගාරයට අයිති රන්, රිදී සහ විදේශීය මුදල් නෝට්ටු වැනි මහා විශාල වටිනාකමක් ඇති දේවල් ඇති බවත් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ඒවා සොරකම් කරන්න පුළුවන්නම්…
Read More