April 12, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

21ක් හැවිරිදි තරුණයෙක්ව පහරදී ඝාතනය කරලා

පැරණි ආරවුලක් මත ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් පිරිසක් විසින් තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (26) එම සිදුවීම වාර්තා වී තිබුණේ හබරාදූව කහවැන්නගම, අම්පිටිය ප්‍රදේශයේදී ය.

පොලීසිය පැවසුවේ, එම පිරිස විසින් අදාළ තරුණයාට අතින් පයින් සහ මුගුරුවලින් පහරදී ඇති බවය.

පහරදීමෙන් මියගොස් ඇත්තේ, මිහිරිපැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කහවැන්නගම, තල්පේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

adaderana

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video