පසුගියදා (09) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම”ට ජනාධීපති අනුර දිසානායක මහතා සහභාගී විය.
“සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරේ.
මෙහිදී, ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව පෙන්වා දුන් ජනපතිතුමා, ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවත් සඳහන් කළේය.
දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි මම මෙහිදී ප්‍රශ්න කළේය.
වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද මම මෙහිදී පෙන්වා දුන්නේය.
2021 වසරේදී අල්ලස් දූෂණ කොමිෂන් සභාව නඩු 69ක් පවරා ඇති අතර නඩු 40ක් ඉල්ලා අස් කර ගෙන තිබේ. 2022 වසරේදී නඩු 89ක් පවරාඇති අල්ලස් හා දූෂණ කමිෂන් සභාව නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන ඇත.
මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට කිව යුතු බවත් විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතු බවත් එතුමා
ප්‍රකාශ කළේය.
එක් වසරකදී අල්ලස් හා දූෂණ වරදකරුවන් ලෙස කොස්තාපල්වරු දෙදෙනෙක්, ග්‍රාම නිලධාරීවරයෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් හෝ දූෂණ කමිසම් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ ඇති අතර ශ්‍රී ලංකාවේ නීතිය මකුළු දැලක් ලෙස ක්‍රියාත්මක වී ඇති බව ජනතාව අතර විශ්වාසයක් පවතින බව පෙන්වා දුන් මා පොඩි සතුන් එම දැලට හසුවන බවත් ලොකු සතුන් මකුළුදැල බිඳගෙන යන බවත් කියා සිටියේය.
යළි අපේ රට ගොඩනගනවා නම් රාජ්‍ය පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය බව පෙන්වා දුන් මම එසේ නොකර සුවපත් රාජ්‍යයක් ඇති කිරීමට නොහැකි බවද කියා සිටියේය.
නීතිය ක්‍රියාත්මක කරන පුද්ගල සහ ආයතන පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමද යුක්තිය ඉටු කිරීමක් නොවන බවද ජනපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
එම නිසා ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවද පුරවැසියාගේ බලාපොරොත්තුවලට වටිනාකමක් ලබා දීම එමඟින් හැකිවනු ඇති බවද එතුමා වැඩිදුරටත් කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ජුරේ (JURE) ව්‍යාපෘතිය හරහා දැනටමත් සුපිළිපන්න නිළධාරීන් වශයෙන් රජයේ නිළධාරින් 1000කට අධික පිරිසක් පුහුණු කර ඇති අතර එම නිලධාරීන් ගෙන් 15 දෙනෙකු සදහා පත්වීම් ප්රදානය කිරීමද මෙහිදී සිදුවිය.
No Comment! Be the first one.