Site icon Radioeka

සුනාම් අනතුරු ඇඟවීමක්.!

The short URL of the present article is: https://radioeka.lk/x3f3

මීටර් 725ක උසින් යුතු ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවත් ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට කටයුතු කළ බවද බලධාරීන් සදහන් කරයි.

රුවන්ග් ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරුදිග සුලවේසි කලාපයේ දූපතක වන අතර එම ගිනිකන්ද විදාරණය වී ඇති අතර ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

unusuma

Exit mobile version