Site icon Radioeka

සමාජ මාධ්‍ය ජනමත සමීක්ෂණ අත්හිටුවීම පියවර

The short URL of the present article is: https://radioeka.lk/ficm

2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ජනමත විමසුම් සහ ජනමත සමීක්ෂණයන් අත්හිටුවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන සමීක්ෂණ හරහා ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුවිය හැකි බවයි. එමෙන්ම එම සමීක්ෂණ සිදුකරනු ලබන සමාජමාධ්‍ය ක්‍රියාකාරීන් හඳුනාගැනීම සඳහා මේ දිනවල අධ්‍යනයක් සිදු කරමින් පවතින බව ඔහු පවසයි.

අධ්‍යයනයෙන් පසුව එම මත විමසුම් සහ සමීක්ෂණයන් නතර කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කරන සමීක්ෂණ පහසුවෙන් නතර කිරීමට හැකියාව පැවතියද සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන මෙම සමීක්ෂණයන් නතර කිරීම අපහසු කටයුත්තක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

Exit mobile version