Site icon Radioeka

වෙල්ලාලගේ ලොකු පිම්මක් පනියි

The short URL of the present article is: https://radioeka.lk/7l8s

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ඊයේ (14 වැනිදා) නිකුත් කෙරුණු අතර එහිදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය ඉහළට පැමිණීමට සමත්ව ඇත. නිමා වූ ඉන්දීය තරගාවලියේදී අර්ධ ශතකයක්ද සමගින් ලකුණු 101ක් රැස් කළ පැතුම් නිස්සංක හට ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 708ක් හිමි වී ඇත.

මේ අතර ඉන්දීය තරගාවලියේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද සුවිශේෂී දක්ෂතා දක්වමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගත් යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල හා එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

වෙල්ලාලගේ එක්දින පන්දු යවන්නන් අත‍ර ස්ථාන 17ක් ඉදිරියට පැමිණ 59 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙන අතර එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ථාන 15ක් ඉදිරියට පැමිණීමත් සමග හිමිව ඇත්තේ 15 වැනි ස්ථානයයි.

Exit mobile version